Maps Cartes Mapas نقشه ها خرائط

2-M | 5º aniversario de la movilización en Madrid por los presos políticos saharauis: cinco años sin respuestas

El próximo lunes 2 de marzo se cumplen cinco años de concentraciones semanales ante el Ministerio de Asuntos Exteriores, en la Plaza de la Provincia (Madrid), para denunciar la situación de los presos políticos saharauis encarcelados en Marruecos y exigir al Gobierno español que asuma su responsabilidad política y jurídica ante esta vulneración continuada de derechos fundamentales.
Affichage des articles dont le libellé est සිංහල. Afficher tous les articles
Affichage des articles dont le libellé est සිංහල. Afficher tous les articles

23/07/2022

ලාංකීය ජනතා අරගලයේ පුර්ණ විප්ලවීය ජයග්‍රහණයක් සඳහා වූ ජාත්‍යන්තර ප්‍රකාශණය !

අප, ප්‍රංශයේ හා ලෝකය පුරා ජිවත්වන කම්කරුවන්, පක්‍ෂ සාමාජිකයින්, වුර්තිය සමිති සාමාජිකයින්, මානවවාදීන්, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින්, බුද්ධිමතුන්, හා ජාත්‍යන්තරවාදීන් ලෙස ශ්‍රී ලංකාවේ සිදුවූ එයතිහාසික ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය වෙනුවෙන් අපගේ විප්ලවීය ආචාරය මෙසේ පල කර සිටින්නෙමු.


පසුගිය අප්‍රියෙල් මාසයේ සිට ගෝල්ෆේස් පිටියේ සිට ආරම්හ වූ තරුණ හා ශිෂ්‍ය අරගලය හා මැයි 9 දා රට පුරා හඹා ගිය හර්තාල් ව්‍යාපාර, ජුලි 9 වැනිදා කොළඹ දී සිදුවූ ජනතා නැගිටීම් මගින් ආශ්වාදය ලැබුවෙමු.
 
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල, දෙමල, මුස්ලිම් හා අනෙකුත් ජනවර්ග වලට අයත් සියලු ජනතාව එක පෙරමුණකට පැමිණ එල්ල කල සාමකාමී ප්‍රහාරය මගින් දුෂිත ජනාධිපති හා ඔහුගේ සොයුරු අගමැති එළවා දැමීමට සමත් වී තිබේ. ඔවුන් මේ වන විට ඉල්ලා සිටිනුයේ මේ දක්වා රාජපක්ෂ කල්ලියට බලයේ සිටීම සඳහා ආධාර කල වර්තමාන වැඩබලන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටද බලයෙන් ඉවත් වන ලෙසය.
 
එය නිවැරිදි තීන්දුවක් ලෙස අප විසින් පිලිගනු ලබන අතර ලාංකීය ජනතාව නැගී සිටිනු ලැබුවේ දීර්ඝ කාලින ලෙස ඔවුන් පීඩාවිඳි අකාරක්‍ෂම රාජ්‍ය පාලනය, දුෂණය, විසින් ඇති කරනු ලැබු ආර්ථික අර්බුධයට එරෙහිව වේ.
මෙම අරගලය තුල ජනතාව ඉල්ලා සිටිනු ලැබුවේ වසර 74ක් පුරා ඔවුන්ව පීඩාවට පත්කල ඒකාධිපති පාලනය අහෝසි කරන ලෙසයි. තවදුරටත් ජාතිය, සම්භවය, ආගම, කතා කරන භාෂාව ඔස්සේ ඔවුන්ව නොබෙදා ගැටුම් ඇති නොකරන ලෙසයි.

"
ජනතාව විසින්, ජනතාව මගින් පාලනය වන, ජනතාව වෙනුවෙන් වූ පාලන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන ලෙසයි".

එහි ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරයාට රටින් පලායාමට සිදු විය. අනුව අපගේ යෝජනාව වනුයේ ජනාධිපතිවරයා පමණක් නොව සමග ඔහුව ආරක්ෂා කල සියළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතන විසුරුවා හරින ලෙසයි. අනුව මේ වන විට ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් බලය පැහැර ගනිමින් සිටින නව වැඩබලන ජනාධිපති වරායටද එම තනතුරේ රැඳී සිටීමට කිසිදු නීතිමය සදා චාරයක් නොමැත. ඔහු විසින් අරගල කරුවන් ෆැසිස්ට් වාදීන් ලෙස හඳුන්වා දෙමින් ඔවුන් මර්දනය කිරීම සඳහා හමුදාවට අණදීම ඉතා පිළිකුල්ව හෙලා දකින්නෙමු.

ජනතා මතයට හිස නොනමා තනතුරේ රැඳී සිටිමින් සාමකාමී ජනතාව මර්දනයට උත්සහ කලහොත් ලාංකීය ජනතාව අරගලයේ පුර්ණ විප්ලවීය ජයග්‍රහණයක් වෙනුවෙන් ලොව පුරා රටවල අගනුවරයන්හි උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කිරීමට අප කිසිසේත් නොපැලිකෙන බව අප ඔහුට මතක් කර දෙන්නෙමු.

අනුව වහාම අරගලය ආරම්හයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සියළුම දේශපාලන ක්‍රියාධාරීන් හා දේශපාලන සිර කරුවන් නිදහස් කල යුතුව ඇත. ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්‍ෂේප කල හමුදා නිලධාරීන්ට පැනවූ දඬුවම් අහෝසි කර චේතන සහිතව ඔවුන්ව නැවත සේවයට අනුයුක්ත කල යුතුව ඇත.

ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්‍ෂේප කල හමුදා හා පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය පුදකරන අතර වැඩ බලන ජනාධිපතිවරයාගේ ජනතා මර්දන සැලසුම් වලට හා ජනතාව සමග කෙටවීමේ උගුල් වලට අසු නොවන ලෙසද අප ලාංකීය ජනතාවගෙන් හා හමුදාවෙන් ඉල්ලා සිටිමු.