23/07/2022

ලාංකීය ජනතා අරගලයේ පුර්ණ විප්ලවීය ජයග්‍රහණයක් සඳහා වූ ජාත්‍යන්තර ප්‍රකාශණය !

අප, ප්‍රංශයේ හා ලෝකය පුරා ජිවත්වන කම්කරුවන්, පක්‍ෂ සාමාජිකයින්, වුර්තිය සමිති සාමාජිකයින්, මානවවාදීන්, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින්, බුද්ධිමතුන්, හා ජාත්‍යන්තරවාදීන් ලෙස ශ්‍රී ලංකාවේ සිදුවූ එයතිහාසික ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය වෙනුවෙන් අපගේ විප්ලවීය ආචාරය මෙසේ පල කර සිටින්නෙමු.


පසුගිය අප්‍රියෙල් මාසයේ සිට ගෝල්ෆේස් පිටියේ සිට ආරම්හ වූ තරුණ හා ශිෂ්‍ය අරගලය හා මැයි 9 දා රට පුරා හඹා ගිය හර්තාල් ව්‍යාපාර, ජුලි 9 වැනිදා කොළඹ දී සිදුවූ ජනතා නැගිටීම් මගින් ආශ්වාදය ලැබුවෙමු.
 
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල, දෙමල, මුස්ලිම් හා අනෙකුත් ජනවර්ග වලට අයත් සියලු ජනතාව එක පෙරමුණකට පැමිණ එල්ල කල සාමකාමී ප්‍රහාරය මගින් දුෂිත ජනාධිපති හා ඔහුගේ සොයුරු අගමැති එළවා දැමීමට සමත් වී තිබේ. ඔවුන් මේ වන විට ඉල්ලා සිටිනුයේ මේ දක්වා රාජපක්ෂ කල්ලියට බලයේ සිටීම සඳහා ආධාර කල වර්තමාන වැඩබලන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටද බලයෙන් ඉවත් වන ලෙසය.
 
එය නිවැරිදි තීන්දුවක් ලෙස අප විසින් පිලිගනු ලබන අතර ලාංකීය ජනතාව නැගී සිටිනු ලැබුවේ දීර්ඝ කාලින ලෙස ඔවුන් පීඩාවිඳි අකාරක්‍ෂම රාජ්‍ය පාලනය, දුෂණය, විසින් ඇති කරනු ලැබු ආර්ථික අර්බුධයට එරෙහිව වේ.
මෙම අරගලය තුල ජනතාව ඉල්ලා සිටිනු ලැබුවේ වසර 74ක් පුරා ඔවුන්ව පීඩාවට පත්කල ඒකාධිපති පාලනය අහෝසි කරන ලෙසයි. තවදුරටත් ජාතිය, සම්භවය, ආගම, කතා කරන භාෂාව ඔස්සේ ඔවුන්ව නොබෙදා ගැටුම් ඇති නොකරන ලෙසයි.

"
ජනතාව විසින්, ජනතාව මගින් පාලනය වන, ජනතාව වෙනුවෙන් වූ පාලන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන ලෙසයි".

එහි ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරයාට රටින් පලායාමට සිදු විය. අනුව අපගේ යෝජනාව වනුයේ ජනාධිපතිවරයා පමණක් නොව සමග ඔහුව ආරක්ෂා කල සියළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතන විසුරුවා හරින ලෙසයි. අනුව මේ වන විට ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් බලය පැහැර ගනිමින් සිටින නව වැඩබලන ජනාධිපති වරායටද එම තනතුරේ රැඳී සිටීමට කිසිදු නීතිමය සදා චාරයක් නොමැත. ඔහු විසින් අරගල කරුවන් ෆැසිස්ට් වාදීන් ලෙස හඳුන්වා දෙමින් ඔවුන් මර්දනය කිරීම සඳහා හමුදාවට අණදීම ඉතා පිළිකුල්ව හෙලා දකින්නෙමු.

ජනතා මතයට හිස නොනමා තනතුරේ රැඳී සිටිමින් සාමකාමී ජනතාව මර්දනයට උත්සහ කලහොත් ලාංකීය ජනතාව අරගලයේ පුර්ණ විප්ලවීය ජයග්‍රහණයක් වෙනුවෙන් ලොව පුරා රටවල අගනුවරයන්හි උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කිරීමට අප කිසිසේත් නොපැලිකෙන බව අප ඔහුට මතක් කර දෙන්නෙමු.

අනුව වහාම අරගලය ආරම්හයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සියළුම දේශපාලන ක්‍රියාධාරීන් හා දේශපාලන සිර කරුවන් නිදහස් කල යුතුව ඇත. ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්‍ෂේප කල හමුදා නිලධාරීන්ට පැනවූ දඬුවම් අහෝසි කර චේතන සහිතව ඔවුන්ව නැවත සේවයට අනුයුක්ත කල යුතුව ඇත.

ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්‍ෂේප කල හමුදා හා පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය පුදකරන අතර වැඩ බලන ජනාධිපතිවරයාගේ ජනතා මර්දන සැලසුම් වලට හා ජනතාව සමග කෙටවීමේ උගුල් වලට අසු නොවන ලෙසද අප ලාංකීය ජනතාවගෙන් හා හමුදාවෙන් ඉල්ලා සිටිමු.
 

වසර 74ක් සිට ලාංකීය ජනතාව විසින් ඉල්ලා සිටින නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා වූ ක්‍රම වේදයක් සකස් කරන ලෙස අප සියළු දේශපාලන පක්ෂ නායකයින්ගේ ඉල්ලා සිටින්නෙමු.
ඉතාමත් ශක්තිමත් හා බලසම්පන්න යැයි පැවසූ ඒකාධිපතියෙකු එළවා දැමු ලාංකීය ජනතාවට ඔවුන් ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේම පාලන බලයක් පිහිටුවා ගැනීමට ශුද්ධ වූ හැකියාවක් හා අයිතියක් ඇත.

 
සැමියා පෙට්‍රල් පෝලිමක සිට මියගිය පසු ඔහුගේ බිරිඳ මාධ්‍ය අමතා ප්‍රකාශ කරනු ලැබුවේ "මම හෝ මගේ මිය ගිය සැමියා මෙම ණය ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වුයේ නැත. නමුත් සඳහා මාගේ සැමියා තම ජීවිතෙන් වන්දි ගෙව්වා. මේ දක්වා රට පාලනය කල සියළුම දුෂිත පාලකයින් විසින් තමයි මෙම ණය තමන්ගේ සුබ විවරණය සඳහා සොරකම් කරනු ලැබුවේ. මාගේ සැමියාගේ මරණයට මෙම පාලකයින් වග කිව යුතුයි".

ඇයගේ ප්‍රකාශයට අප ඍජුවම එකඟ වන්නෙමු. දූෂිත පාලකයින් විසින් ලබා ගත් ණය වෙනුවෙන් ලාංකීය ජනතාව තවදුරටත් තම ජිවිත වලින් වන්දි ගෙවිය යුතු නැත.

අනුව රටේ දේශපාලන හා ආර්ථිකය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ලාංකීය ජනතාවට විනා ඇමරිකාව ප්‍රමුඛ අන්තර් ජාතික මුල්‍ය අරමුදලට හෝ වෙනත් විදේශ බලවේගකයට අවශ්‍ය ආකාරයට නොව ලාංකීය ජනතාව හා ඔවුන්ගේ ආශීර්වාදයෙන් බලයට පත්වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසින් සිදු කරන ක්‍රමවේදයක් මගින් පමණි. ඇමරිකානු ජනාධිපති බයිඩන් හෝ වෙනත් විදේශ නායකයෙකු එය තීරණය නොකළ යුතුව ඇත. අනුව රාජ්‍ය සුබසාධක වියදම් කපා හැරීම, රාජ් සේවය හැකිලීම හෝ රටේ සම්පත් පුද්ගලිකකරණය මගින් මෙයට පිළිතුරු සෙවිය නොහැකි බව අපගේ දැඩි විශ්වාශයයි.

ලාංකීය ජනතාව බෙදා දමමින්, කුමන්ත්‍රණ සිදු කරමින් ජනතා අරගලය මර්දනය කිරීමට උත්සහ කරනු ලැබුවහොත් අප කිසිදු පැකලීමකින් තොරව ලාංකීය ජනතාවගේ විප්ලවීය අරගලය සමග බද්ධ වෙමින් ලොව පුරා රටවල මානවවාදීන්, ජාත්‍යන්තරවාදීන් සමග එක්වී සියළු ප්‍රජාතන්ත්‍රවාදී හා නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබන බවට ලාංකීය පාලක පංතියට මතක් කර දීමට කැමැත්තෙමු.

ලාංකීය ජනතාවගේ නිදහස් විප්ලවීය අරගලය දිගු කල් දිනේවා!

ලාංකීය අරගලයට එරෙහිව සිදුවන සියළු විදේශ අතපෙවීම්, මර්දනයන් හා කුමන්ත්‍රණ පරාජය කරමු !

තම ඉරණම තමන් විසින්ම විසඳා ගැනීමට ලාංකීය ජනතාවට ඇති අයිතියට තහවුරු කරනු!

 කැඳවුම් කරුවන් :හොරාසියෝ මෙදිනා(චිලී වාමාංශික පෙරමුණ),  චුලා සමරසිංහ(ආර්ථික විශේෂඥ) , සමන් මුදුන්කොටුවගේ, සුපුන් රාජපක්ෂ(විද්‍යා ශිෂ්‍ය),නිහාල් මැණික් බෝවේ(විශ්‍රාමික හමුදා සැරයන් )   

ජාත්‍යන්තරවාදීන්, කම්කරු නියෝජිතයින්, වෘත්තීය සමිති සාමාජිකයින්, ගොවි නියෝජිතයින්, තරුණයන්, ශිෂ්‍යයන්, කලාකරුවන් හා බුද්ධිමතුන් ලෙස අප මෙම ඉල්ලීම සිදුකරනු ලබනුයේ ශ්‍රී ලංකාවේ ජනතා අරගලය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීම සඳහා වේ.

මෙම ප්‍රකාශණයට ශ්‍රී ලංකාව තුලත් ඔබගේ අත්සන ලබාදීම හා සඳහා අත්සන් ලබා ගැනීමට සහයදීම මගින් ලාංකීය ජනතාවගේ නිදහස් අරගලයට ඔබගේ දායකත්වය හිමි වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

ඔබ මෙම ප්‍රකාශණයට එකඟ නම්,

නම               රට                          ලිපිනය     අත්සන                                                    

solidaritysrilankajuly2022@gmail.com

 

Aucun commentaire: